ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වී ඇති ගැටුම්කාරී තත්ත්වය අතරතුර, අමෙරිකාව සහ ඉරානය අතර රහසිගත සාකච්ඡා සිදුවන බවට සැකයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu විසින් මෙම සැකය පළ කර ඇති අතර, අමෙරිකානු ජනාධිපති Donald Trumpගේ පාලනය ඉරානය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් හොර රහසේ සාකච්ඡා කරන බවට බුද්ධි තොරතුරු තමන්ට ලැබී ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් The White House පැහැදිලි කර ඇත්තේ, ඉරානය සමඟ එවැනි කිසිදු රහසිගත සාකච්ඡාවක් අමෙරිකාව සිදු නොකරන බවයි.
එම අතරතුර, ඊශ්‍රායලය බලාපොරොත්තු වන හමුදා ඉලක්ක සපුරා ගැනීමට පෙර යුද්ධය අවසන් විය හැකි බවට අගමැති නෙතන්යාහු තුළ කනස්සල්ලක් පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, ඉරාන බුද්ධි අංශ විසින් යුද්ධය නතර කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කරමින් Central Intelligence Agency (CIA) ආයතනය සම්බන්ධ කරගෙන ඇති බව The New York Times පුවත්පත වාර්තා කර තිබේ.







