ගාලු මුහුදට නාවික සැතපුම් 40ක දුරින්, ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ 180ක් පිරිසක් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, මේ අතර 30 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන, මේ වනවිට කරාපිටිය රෝහල වෙත රැගෙන යා ඇති බවයි.
එක්සත් රාජධානියෙන් අනතුරට පත්වූ නෞකාව සොයා බැලීම සඳහා ගුවන් හමුදා නිරික්ෂණ යානයක්ද එම ප්‍රදේශයට යවා ඇති බව වාර්තා වේ.







