BREAKING NEWS
Search

මල් කැකුළු තුනක් මේ ලොව තනිකර දමා ඔවුන් දෙදෙනා ගිහින් අදට වසරක්.. කැළණිය සරසවියේ ආදරණීය ගුරු තරුවගේ නික්මයාමෙන් වසරකට පසු ඇසෙන ඒ අනුවේදනීය කතාව මෙන්න…

4926

 

 

නොදැනීම ඒ අඳුරු මතකයෙන් පසු වසරකුත් ගෙවී ගිහින්.. ඔහු පරම්පරා ගණනකට අකුරු කියාදුන් ආදරණීය ගුරුතුමෙක්.

අපේ ජීවිත මොන තරම් නම් අවිනිශ්චිතද..? ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත, ඒ නම බොහෝ සරසවි සිසුන්ට සුපුරුදු නමක් වන්නට ඇත්තේ මේ සිද්ධියෙන් පසුවයි. මේ බව නැවත නැවතත් සිහිපත් වෙන ඒ කතාව නම් ඇත්තටම සංවේදී කතාවක්..

ගුනේන්ද්‍ර ගයන්ත නම් වූ සරසවි ආචාර්‍යවරයා හා ඇගේ බිරිඳගේ නික්මයාම ගොඩක් දෙනෙක්ට සංවේදී කාරණයක් වුණා.. ඒ දරු පැටව් තුන්දෙනෙක් තුරුළු කරන් සිටි ඒ පවුලට අත්වුණු ඉරණම කිසිවෙකුටවත් අදහා ගන්නට නොහැකිවූ නිසයි.. නොසිතූ මොහොතක අපෙන් වෙන්වී, නොඑනා ගමනක් ගියත්, ඔහු බොහෝ සිත් තුළ ඔබේ මතකය සදා ජීවමානයි.

ආදරණීය ගුණේන්ද්‍ර ගයන්ත ඇදුරුතුමන්ගේ නික්ම යාමෙන් වසරකට පසුත් සමාජමාධ්‍ය තුළ සංසරණය වෙන ඇතැම් සටහන් ඊට සාක්ෂි සපයනවා.

එදා ඒ සිදුවීම ගැන ඇසුණේ මෙන්න මේ වගේ කතාවක්.

තවමත් ඒ තිගැස්ම පහව ගොස් නැත.. ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත ඔහුගේ ප්‍රිය බිරිය සතීෂා නිලන්ති සමඟ නොඑන්නම ගොසින්.. සතීෂාගේ බාල සොහොයුරාත් ඔවුන් දෙදෙනා සමඟ අවසන් ගමන් ගිහින්..

සතීෂාගේ පියා ඔවුන් හැර ගොස් වසරක් පිරෙන තැන පැවති දානමය පුණ්‍යකර්මයට එක්වීමට ඩුබායි සිට පැමිණි ඇයගේ සොහොයුරාත්, සතීෂාගේ මවත්, නිවෙසේ උදවුවට සිටින තරුණියත්, දරු පැටවුන් තුන් දෙනාත් සමඟ ගුණේන්ද්‍ර යුවළ යාපනය ප්‍රදේශයේ සංචාරය කරන්නේ පසුගිය මාර්තු 13 බ්‍රහස්පතින්දා නිවාඩුවත් සමඟ යොදාගත හැකි දීර්ඝ සති අන්තය ගතකරන්නටයි…

13 දා මැදින් පොහොයයි.. එහෙත් පොහොය දවසේත් ඔහු දරුවන්ට ඉගැන්වුවා… යාපනයේ සංචාරය සඳහා පිරිස පිටත් වන්නේ 14 වැනිදා සිකුරාදායි..

මේ මාරක අනතුර සිදු වන්නේ සංචාරයෙන් අනතුරුව නිවෙස බලා පැමිණෙද්දීයි… පසුගිය 18 වැනිදා රාත්‍රියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R කණුව අසල එනම් අධිවේගී මාර්ගයේ මීරිගමට කිලෝ මීටර පහක් නුදුරින් ව්‍යසනය සිදු වී තිබුණා…

සංචාරය සඳහා යොදාගෙන තිබුණේ කුලී පදනම මත රියැදුරු ද සමඟ ලබාගත් වාහනයක්… අධික වේගයෙන් ධාවනය වූ වාහනය ඉදිරියෙන් ගිය ලොරි රථයක පසුපස ගැටී තිබුණා.. වාහනය දිස්වනුයේ යකඩ ගොඩක් වගෙයි… එහෙත් රියැදුරා ජීවිතය බේරාගෙනයි…
ඉදිරිපස අසුනේ ගමන් ගත් සතීෂාගේ සොහොයුරාත්, දෙවැනි අසුනේ ගමන් කරමින් සිටි ආචාර්ය ගුණේන්ද්‍ර සහ සතීෂාත් ජීවිතය අත්හැර ගොසින්…

ආචාර්ය ගුණේන්ද්‍ර සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබුණා… දරු තිදෙනාත් සතීෂාගේ මවත් නිවෙසේ උදවුවට සිටි තරුණියත් සුළු තුවාල සහිතව ජීවිත අනතුරකින් තොරවයි..

මීරිගම රෝහලට රැගෙන ගිය තුවාලකරුවන් ජාතික රෝහලට මාරු කළා… සතීෂා සහ ඇයගේ සොහොයුරා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කෙරුණා. දැඩි සත්කාර ඒකකයේ දින 5ක් ප්‍රතිකාර ලබමින් සිටියදී සතීෂාගේ සොහොයුරා ජීවිතය හැර ගියා… දින 8කින් සතීෂාත් යන්න ගියා..

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!