BREAKING NEWS
Search

මම අවු 22ක් හමුදාවෙ ක්‍රියාන්විත රාජකාරි කරලා විශ්‍රාම ගිහින් ඉන්නේ – කුලියාපිටියේදී හෙල්මට් පාර ඉවසූවේ මටත් ඒ කොල්ලගෙ වයසේ ළමයි ඉන්න නිසා.!

2003

කුලියාපිටියෙ සිදුවීමට අදාළව ,

යතුරුපැදි කරුගෙ ප|හ|ර|කෑමට ලක්වූ ඒ මනුස්සයව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න අද (20) උදෑසන මට පුළුවන් උනා.

මේ ඔහුගෙ වචන ,

“මහත්තයො මම අවු 22ක් හමුදාවෙ ක්‍රියාන්විත රාජකාරි කරලා විශ්‍රාම ගිහින් ඉන්න විශ්‍රාමික නිළධාරියෙක්. මගේ රාජකාරී ජීවිතය තුළ වැඩිහරියක් කටයුතු කළේ , සෙබළුන් පුහුණු කරන, පුහුණු නිළධාරියෙක් විදියට. මම ආ|යුධ වගේම ඉවසීමත් උපරිමයෙන් ප්‍රගුණ කරපු පුද්ගලයෙක්.

මටත් ඒ මට ප|හ|ර|දීපු තරුණයගෙම වයස් වල ගෑණු දරුවො ඉන්නවා. මට ඒ වෙලාවෙ මතක් උනේ මගෙ දරුවො ගැන. ඒ නිසා ඒ මට ග|හ|පු පාර විඳ දරාගෙන ඒ මොහොතෙ මම ඉවසුවා .

ඔයිට වඩා කොච්චර නම් ටෙරාලගෙ පාරවල් ක්‍රියාන්විතයේදී ඉවසලා තියෙනවද.

පස්සෙ මම ලේ පෙරාගෙන ගිහින් රෝහල් ගතවුනා.

මූණට මැහුම් පහක් දැම්මා.

ඇත්තටම පස්සෙ හිතට ලොකු කණගාටුවකුත් ආවා, මේ වගේ තරුණ පරම්පරාවක් අපේ රටේ හදන්නද, අපේ මුළු තරුණ අවදියම ජීවිත පරිත්‍යාගයෙන් කැප කළේ කියලා. මේ සිද්ධිය උනේ පහුගිය මාර්තු 17 දා, මම බඩු වගයක් ගන්න කඩේට ගිහින් එන අතරමගදි. සමහරු ඒ වීඩියෝ පටයට අනුව මම අත් දිගු කරන එක වැරදි විදියට අර්ථකථනය කරලා තිබුණා, මම ඒ අත් දිගුකරලා පෙන්නන්නෙ එතන මංසන්ධියේ තියෙන කැමරා දිහා බලන්න කියලා. කවුද වැරැද්ද කරේ කියලා. කොහොම උනත් මට මේ දේවල් දිගට ඇදගෙන යන්න අවශ්‍යය නෑ.

මගේ හිතේ ඒ තරුණයා ගැන වෛරයකුත් නෑ.

පස්සෙ වීඩියෝව දැක්කම ඔහුගේ හැසිරීම් අනුව මට පුද්ගලිකව හිතුනා, ඒ මොහොතෙ ඒ තරුණයා ප්‍රකෘති සිහියෙන් නෙමෙයි හිටියෙ කියලා. කොහොම උනත් ඔහු ප්‍රකෘති සිහියට ආවට පස්සෙ හරි, තමන්ගෙ තාත්තා වගේ පුද්ගලයෙකුට සිදුකරපු මේ අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් අවංකව පසුතැවිලි උනොත් ඇති.

ඒ වගේම මේ සිදුවීම හරහා සමාජයටත් ලොකු පණිවිඩයක් ගිහින් තියෙනවා, ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා, මිනිස්සු අසාධාරණය වෙනුවෙන් මේ විදියට එකතුවීම ගැන. එහෙම මිනිස්සු එකතු නොවුනා නම් / මහත්තයා පැමිණිල්ලක් නොදැම්මා නම් බොහෝ දුරට පොලීසිය ක්‍රියාත්මක නොවෙන්නත් තිබුණා.

මම වෙනුවෙන් වචනයකින් හරි පෙනීසිටපු ,

කතා කරපු සියළු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. ආයෙ සමාජයේ මෙහෙම දේවල් නොවෙන්න මේ ඉදිරිපත් වීම ලොකු පිටිවහලක් කියලා මම විශ්වාස කරනවා.

මට පොලීසියෙන් දැනුම්දීමක් කරා, ඔහුව අත්අඩංගුවට ගත්තා, අද අදිකරණයට ඉදිරිපත් කරනවා කියලා.

මට අවශ්‍යය මේ වගේ තරුණයො හරි විදියට සමාජගත වෙනවා දකින්න. නීතියෙන් හරි ඒ දේ උනොත් ලොකු දෙයක්”.

ඒ වගේම දුරකථන සංවාදය අවසානයේ ,

මෙම සිදුවීමට අදාළව ඉදිරියේ දී අදිකරණයේ ඔහුට අවශ්‍යය නීතීඥ සහාය නොමිලේ ලබාදීමටත් මම පොරොන්දු උනා.

-ශෙහාන් මාලක ගමගේ-

20.03.2026




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!