BREAKING NEWS
Search

මන්නාරමදී කෝටි 3000කට විකුණන්න ගියේ විදෙස් රජවරුන් පවා සෙවූ “රාවණා ගල” ?

3964

රාවණ රජු විසින් බලය කවා ඇති බවට ජනප්‍රවාදයේ කියැවෙන ‘රාවණා ගල’ ලෙස හැඳින්වෙන වටිනා පාෂාණයක් රුපියල් කෝටි 3000කට විකිණීමට ගිය පස්දෙනෙකු සහ එය මිල දී ගැනීමට පැමිණ සිටි ඉන්දීය ජාතිකයා ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙය නිධානයකින් ගත් වටිනා පාෂාණයක් බවට ද සැක කරන අතර එහි ගෝනුස්සෙකු රූපයක් සහ තවත් ගුප්තමය සලකුණු රැසක් කොටා ඇති බව දක්නට ඇති බව සදහන්.

මෙය ඕවලාකාර හැඩයෙන් යුත් තද නිල් පැහැති පාෂාණයකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා ඊයේ (නොවැ. 21) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 05 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු ඔත්තුවක් මත අඩම්පන් පොලිස් වසමේ වට්ටකණ්ඩාල් ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම වටිනා පාෂාණය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

මෙම රාවණා ගල විකිණීමේ ගනුදෙනුව යොදාගෙන තිබුණේ ඉකුත් බදාදා (නොවැ. 20) 10:45ට පමණ ය.

පොලිසියට අනුව රාවණා ගල මිල දී ගැනීමට පැමිණ සිටි ඉන්දීය ජාතිකයා භාරතන් සුජිත් බාබු නමැත්තකි. මොහු ඉන්දියාවේ දේශපාලනයේ නිරතවන්නෙකු බවට ද තොරතුරු හෙළි වී තිබේ.

රුපියල් කෝටි 3000කට ඉන්දීය ජාතිකයාට මෙම වටිනා පාෂාණය විකිණීමේ ගනුදෙනුව කතා කරගැනීමට මැදිහත්වී ඇත්තේ, මෙරට පූජකයෙකු බව ද පොලිසිය කියයි.

අවසානයේ මෙම රාවණා ගල රුපියල් කෝටි 50කට මිල දී ගැනීමට එකඟතාව පළ වී තිබේ.

කෙසේ නමුත්, අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ජාතිකයා රාවණා ගල මිල දී ගැනීම සඳහා මුදල් රැගෙන විත් නොතිබුණු බව පොලිසිය කියයි.

ඔහු ළඟ තිබී ඇත්තේ, ශ්‍රී ලංකා රුපියල් 3000ක් වන අතර රාවණා ගල සඳහා ගෙවීම අන්තර්ජාලය මගින් කාඩ්පත් හරහා කිරීමට දෙපිරිස අතර එකඟතාවක් තිබී ඇත.

මන්නාරම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් රංජිත් මහතාගේ ඍජු උපදෙස් මත පොලිස් අධිකාරි ඩී.ආර්.එස්. ධර්මදාස, කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාංචන ජයකොඩි ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සිදු කරයි.

මෙය නොයෙක් වර රටෙන් පිට කරන්නට උත්සාහ දරා ඇත. එහෙත් රටින් පිට කිරීමේ වෑයම සෑම විටම කුමන හෝ හේතූන් මත අඩා, වී ඇති අතර තිබෙන බාධා දුරු කර ගැනීමට ශක්තිය ඇති පුද්ගලයන් යොදවා ගැනීමටද නොයෙකුත් පුද පූජා පැවැත්වීමටද කාලයක් තිස්සේ කටයුතු කර ඇති බව සදහන්.

මෙය පාලකයෙකු හෝ රජෙකු තවත් බලවන්තයෙකු බවට පත් කරන බලයකින් යුත් බලගතු පාෂණයක් කියන බැවින් වරෙක අප්‍රිකානු රටක රජ කෙනකු ද මෙය මිල දී ගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!