BREAKING NEWS
Search

අවි බිම තබා යටත් වන්න – ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

294

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායට, හමුදාවට සහ පොලීසියට අනතුරු ඇඟවමින්, වහාම අවි බිම තබා යටත්විය යුතු බව පවසනවා.

ජනාධිපතිවරයා අනතුරු ඇඟවන්නේ, ඔවුන් මෙය අනුගමනය කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික වන අතර, එසේ නොකළහොත් නියත මරණයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දැක්වූ ට්‍රම්ප් “මම නැවත වරක් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ සියලුම සාමාජිකයින්ට, හමුදාවට සහ පොලීසියට ඔවුන්ගේ අවි බිම තබන ලෙස දන්වා සිටිනවා. එසේ කළහොත් ඔබ සම්පූර්ණ වශයෙන් ආරක්ෂිතයි. නමුත් එසේ නොකළහොත් ඔබට නියත වශයෙන්ම මරණයට මුහුණ දීමට සිදුවනු ඇත. මට ඒක දකින්න අවශ්‍ය නෑ” යැයි පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!