BREAKING NEWS
Search

දඹුල්ලේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් වටලයි

1278

දඹුල්ල – කණ්ඩලම මාර්ගයේ පළමු සැතපුම් කණුව ආසන්නයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය බව කියන සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් විසින් වටලා තිබේ. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ (08) දිනයේදීය.

 

එම ස්ථානයට රැස්වූ ප්‍රදේශවාසීන්, ආයතනය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නිල බලපත්‍ර එහි කළමනාකාරීත්වයෙන් ඉල්ලා ඇති අතර, එම ලියකියවිලි ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

 

ප්‍රදේශවාසීන් විසින් කරන ලද දැනුම් දීමක් අනුව, දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහතාද එම ස්ථානයට පැමිණ ඇති අතර, අදාළ සම්බාහන මධ්‍යස්ථානය සඳහා දඹුල්ල මහ නගර සභාවෙන් කිසිදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බව ඔහු එහිදී තහවුරු කර තිබේ.

 

පසුව ප්‍රදේශවාසීන් විසින් දඹුල්ල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ එම ස්ථානය වසා දැමීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවයේ නිරතව සිටි කාන්තාවක් සහ කළමනාකරණ කටයුතු සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රැගෙන ගොස් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!