BREAKING NEWS
Search

ආර්ථිකය අමාරු තැනක තියෙන්නේ.. අසීරු තීන්දු ගන්න වෙනවා.. වැරදියට හිතන්නෙපා..! – ඇමති විජිත හේරත්

28

අද මෙරට ආර්ථිකය අමාරු තැනක පවතින බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

වැටිච්ච තැනින් නැගිට රට ගොඩ ගැනීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බවද ඒ මහතා කියා සිටියි.

එක පවුලක් ලෙස වැඩ කරද්දි පවුලේ අභිවෘද්ධ වෙනුවෙන් යම් යම් තීන්දු තීරණ ගන්න වෙන බවද කී ඔහු ඇතැම් තීන්දු වලට දරුවන් කැමති වන අතර ඇතැම් තීන්දුවලට දරුවන් අකමැති වනු ඇති බවද පවසයි.

නමුත් එම තීන්දු පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතුව ඇති බවද පැවසු ඔහු එය සිදු කළේ පවුලේ හොඳට තමන්ගේ හොඳට බව යම් දිනක දරුවන් තේරුම් ගනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී නිලධාරින් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *