BREAKING NEWS
Search

හිටපු ඇමති බෑණෙකුගෙන් මහින්දට කොළඹින් නිවසක්..!

3098

විජේරාම මාවතේ පිහිටි නිල නිවස රජයට භාරදීමෙන් අනතුරුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක පදිංචියට පැමිණ තිබේ.
නිල නිවස අහිමි වීමත් සමඟ ඒ මහතා තංගල්ල, කාල්ටන් නිවස වෙත ගොස් පදිංචි වූ නමුත්, පසුගිය සතියේ සිට ඔහු නැවත කොළඹ ආශ්‍රිතව රැඳී සිටීමට තීරණය කර ඇත.

හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ සිට කොළඹට පැමිණීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ කොළඹ කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන දේශපාලන කටයුතු සඳහා සහභාගී වීමේ පහසුව හා වෛද්‍ය පරීක්ෂණ සහ රෝහල් වෙත පිවිසීමේදී ඇතිවන ප්‍රායෝගික අපහසුතා මඟහරවා ගැනීමයි.

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම නිවස හිටපු අමාත්‍යවරයෙකුගේ බෑණා කෙනෙක්ට අයත් එකක් බව පැවසේ. හිටපු ජනාධිපතිවරයා මෙම නිවස ලබාගෙන ඇත්තේ මාසික කුලී පදනම මත වන අතර, ඒ සඳහා අදාළ ගිවිසුම් ද අත්සන් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, කොළඹ පදිංචියට පැමිණිය ද දින කිහිපයක් තංගල්ල, කාල්ටන් නිවසේ ගත කිරීමට ද හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් පසුවෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!