BREAKING NEWS
Search

මැලේෂියා ගියේ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ගේන්න නෙමෙයි.. වෙන කට්ටියක් ගේන්නයි..- පොලිසිය

2736

lanka C news

මැලේෂියා ගියේ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ගේන්න නෙමෙයි.. වෙන කට්ටියක් ගේන්නයි..- පොලිසිය
කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන අපරාධ කල්ලි සාමාජිකයන් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙතෙක් කිසිදු නිල තොරතුරක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා අවධාරණය කරයි.

මෙම තොරතුරු රාජතාන්ත්‍රික මට්ටමින් හෝ ආරක්ෂක අංශ මගින් තහවුරු වී නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මැලේසියාවේදී විවිධ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් වී ඇති බවයි.

මෙම පිරිස පිළිබඳ විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් මැලේසියාවට හා තායිලන්තයට පිටත්ව ගොස් ඇත. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් මෙම 26 දෙනාගේ නම් ලැයිස්තුවේ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන අයගේ නම් අන්තර්ගත නොවන බවද ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව, මැලේසියාවේ අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනා සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

ඔවුන් මැලේසියාවෙන් පිටුවහල් කරන්නේද නැතහොත් ඉදිරි විමර්ශන සිදු කරන්නේද යන්න පිළිබඳව එරට රජය විසින් තීරණය කරනු ඇති බවද ඔහු සඳහන් කළේය.

අද දින පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මෙම කරුණු අනාවරණය කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!