BREAKING NEWS
Search

IPL ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහලම වටිනාකම මතීෂ පතිරණට

1265

අද (16) ආරම්භ වූ 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වෙයි.

මතීෂ පතිරණව මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්ය.

මතීෂ පතිරණ හිමුවූ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61.20කි.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙයි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!