BREAKING NEWS
Search

ආපදාවට ලක් වූ වාහනවල ගැටලු විසඳන්න ජනවාරියේ සිට ජංගම සේවාවන් පැවැත්වෙන තැන් මෙන්න..!

100

ආපදාවෙන් හානියට පත් වූ රථවාහන පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට මේ මස 31 වෙනිදා දක්වා කල් ලබාදී ඇති බවත් එම තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ලබන ජනවාරි මාසයේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ගොස් ජංගම සේවා ක්‍රියාත්මක කර එම වාහනවල තොරතුරු ලබාදී අදාල ගැටලු විසඳීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ප්‍රකාශ කරනවා.

මෙම ආපදාවෙන් රථ වාහන කොපමණ ප්‍රමාණයකට හානි සිදුවී ඇතිද යන්න තවම නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් එම තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් මේ මස අවසානයේදී ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

ආපදාවෙන් හානියට පත් වූ රජයේ වාහන සහ පෞද්ගලික වාහන සම්බන්ධයෙන් වෙන වෙනම තොරතුරු ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු විගස ජනවාරි මාසයේදී ජංගම සේවා මගින් අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී රථවාන හිමිකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාදී ඊට අදාල ගැටලු විසඳීම සම්බන්ධයෙන් කටයුතු කරන බවද කමල් අමරසිංහ පෙන්වා දෙනවා.

ඇතැම් ප්‍රදේශවල නාය යෑම් මගින් පස්වලට යටව වී තිබෙන රථ වාහන පිළිබඳ තවමත් තොරතුරු ලැබී නොමැති බවත් එම රථවාහන සම්බන්ධයෙන් ද තොරතුරු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් සමහර රථ වාහනවල ආදාල ලියකියවිලිද විනාශ වී ඇති බවට වාර්තා වන බවත් එම නිසා එම රථ වාහනවල තත්ත්වයන් සහ එම ලියකියවිල තත්ත්වයන් පිළිබඳව නිවැරදි තොරතුරු ජංගම සේවාවලදී අදාල හිමිකරුවන්ට ලබාදීමට අපේක්‍ෂා කරන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ජනවාරි මාසයේදී අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකිරීමට බලාපොරොත්තු වන මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාල නිළධාරීන්ගේ ද සහයෝගය ලබා ගන්නා බවත් විපතට පත්ව සිටින ජනතාවගේ පහසුව සඳහා ඔවුන් සිටින ප්‍රදේශවලටම ගොස් මෙම ජංගම සේවා පවත්වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

 

Source : Hiru News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!