BREAKING NEWS
Search

“මෙහෙම දරාගැනීමක් තවත් දෙමාපියෙකුට නොලැබේවා…” – පුංචි දුලන්‍යාගේ වියෝවෙන් පසු පියාගේ හදවතින් එළියට ආ වචන

645

 

තවමත් සෙල්ලම් බඩු අල්ලගෙන සිනාසෙන වයසක, ජීවිතය පුරාවටම ඉදිරියට යා යුතු වූ පුංචි මල් කැකුළක්… එහෙම සුරතලියක් තමයි දුලන්‍යා සිහසුනි.

අම්මා, තාත්තා, සහෝදරියන් එක්ක ආදරයෙන් වටවී ගෙවුණු ඇගේ ළමා විය, දැන් පවුලේ අයට මතක සටහන් අතරට පමණක් සීමා වෙලා. දිගු කාලයක් පිළිකා රෝගය සමඟ සටන් කළ මේ පුංචි දැරිය, පසුගිය දිනක සියල්ලන්ටම සමුදී ගියා.

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දුලන්‍යා, පාසල් මිතුරන්ටත්, ගුරුවරුන්ටත්, ගමේ අයටත් සුරතලියක් වුණා කියලා ඔවුන් කියනවා. ඇයගේ සිනාව, ඇයගේ නිහතමානී හැසිරීම – මේ සියල්ල අද මතකයන් පමණක්.

ඒ අතර, ඇයව හදවතින්ම ආදරයෙන් වටකරගෙන සිටි පියා මුහුණුපොතට තැබූ සටහන, කියවන කාටත් ඇස් තෙත් කරවන එකක්.

ඔහු ලියන්නේ මෙහෙමයි –

> “සියලු හිමිවීම් දවසක අහිමිවන බව මම දැනගෙන උන්නා. ජීවිතය තුළ ගොඩාක් දරාගැනීම් මට තවත් ඉගෙනගැනීමක් උනා…
> නමුත් මෙහෙම දරාගැනීමක්, ඉගෙනගැනීමක් ගැන කිසිදවසක තවත් දෙමාපියෙකුට නොලැබේවා…
> මට මොනවා ලියන්නද මම දන්නේ නෑ…
> මේ දරාගැනීමම මට බයයි මැණික…
> වික්ටෝරියා බැම්ම කොයිතරම් දරාගැනීමක් උනත්, පුංචි ඉරිතැලීමක් උව ලොකු විනාශයක්…
> මට බයයි මැණික…
> ඒ නිසාම ලොකු බේත් අහුරක් බීලා ටිකක් නිදාගන්න යනවා.
> මගේ පුංචි සුරංගනාවිය, ඔයා අප්පච්චීට සමාව දෙන්න…”

මෙම වචන කිහිපය තුළ පියාගේ වේදනාව, අසරණකම, බිය – හැමදේම ගුලිවී තියෙනවා. දරුවෙකු අහිමි වීම කියන්නේ වචනෙන් විස්තර කරන්න බැරි පීඩාවක්. ඒක තමයි ඔහුගේ සටහන කියවද්දී හදවතට දැනෙන්නේ.

මෙවැනි වියෝවක් කිසිඳු දෙමාපියෙකුට මුහුණදීමට සිදු නොවෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. පුංචි දුලන්‍යාට නිවන් සුව!

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!