BREAKING NEWS
Search

විපක්ෂය පෙන්වාදුන් ගැටලු වලට ඇමැති නලින්දගෙන් ධනාත්මක උත්තර… කාවින්ද, අර්ජුනාත් ගෙන් ඇමතිට පැසසුම්… පින්තූරත් අරන්…

1519

2015 – 2019 වසර වලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී විපක්ෂයේ පළමු කථිකයා වූයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස යි.

නමුත් ඊයේ දිනයේ දී, 2026 සෞඛ්‍ය අමාත්‍යාංශයට නියමිත අයවැය දෙවැනි වර කියවීමේ දී දොස්තර කවින්ද ජයවර්ධන විපක්ෂය නියෝජනය කරමින් පළමු කථිකයා ලෙස ඔහු විවාදය ආරම්භ කළේය.

මෙම පාර්ලිමේන්තුවේ විශේෂත්වය වනුයේ, කථානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතරව විපක්ෂයේ පළමු කථිකයා ද වෛද්‍යවරුන් වීම යි.

මීට අමතරව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය තුළ වෛද්‍යවරුන් 26 දෙනෙක් සිටින පාර්ලිමේන්තුවක් බිහිවී ඇත්තේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි.

මෙවර අයවැයේ දී විශේෂයෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ඉතාමත් ධනාත්මක කරුණු රැසක් විපක්ෂය විසින් ගෙනහැර දක්වනු ලැබිය. ඒ අතරට ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ට ඇති ගැටලු සහ බුද්ධි ගලනය වැනි කාරණා විපක්ෂය විසින් පෙන්වාදෙනු ලැබිය. එසේම ආණ්ඩුව පාර්ශවයෙන් ද ධනාත්මක ලෙස එම කරුණු පිළිබඳ අදහස් දැක්විය.

අවසන් කථිකයා වූ දොස්තර නලින්ද ජයතිස්ස ගේ කතාවෙන් පසු දොස්තර කවින්ද ජයවර්ධන සහ දොස්තර අර්ජුනාත් ඇමතිවරයාට සුභාශින්ෂණ එක් කළ අතර ඉන්පසු සභාගර්භය තුළදී ඡායාරූපයක පෙනිසිටියේය.

Source – TheLeader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!