BREAKING NEWS
Search

කාඩ් වැඩේ හරියන්නෑ… – බස් ගැමුණු කියයි

2820

මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු බැංකු කාඩ්පත් මගින් ගෙවීමේ නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විරෝධය පළ කර තිබෙනවා.

ඊයේ (24) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ,  මෙම ව්‍යාපෘතිය සාර්ථක වීමට නම් බස් රථ කොන්දොස්තරවරයා ඉවත් විය යුතු බවයි.

කොන්දොස්තර මහත්තයාගේ මේක අතේ තියෙන තාක්කල් මේක සාර්ථක වෙන්නේ නැහැ. ආණ්ඩුවේ අවශ්‍ය නීති රෙගුලාසි හදන්න ඕනේ. එහෙම නැතුව මේක ක්‍රියාත්මක කරන්න බෑ.”

නීති රෙගුලාසි නොමැතිව මෙය ක්‍රියාත්මක වුවහොත්, මෙම ව්‍යාපෘතිය ද පහුගිය කාලයේ සිදු වූ නියමු ව්‍යාපෘතියක් පමණක් ලෙස ඉතිහාසගත වනු ඇති බවත්, එය සෑමදාකම ප්‍රෝඩාවක් බවට පත්වන බවත් ගැමුණු විජේරත්න මහතා පෙන්වාදෙනවා.

මෙම වැඩසටහන් භාගෙට සිදු කරමින් රට හිනස්සන වැඩ නොකරන ලෙස වගකීමෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ මහතා මෙම කාඩ්පත් ක්‍රමයේ ඇති වාසියක් පෙන්වාදුන්නා.

දිනකට පෞද්ගලික බස් රථවලට ලැබෙන ආදායමෙන් කෝටි අධික මුදලක් අපිට නොලැබී යනවා. හැබැයි මේ කාඩ්පත් ක්‍රමය තුළ බස් හිමියාගේ ආදායම සුරක්ෂිතතාවයට පත් වෙනවා.”

කෙසේ වෙතත්, මෙම ක්‍රමය සඳහා බැංකු අයකරන කොමිස් මුදල පිළිබඳව රණසිංහ මහතා සිය අසතුට පළ කළා.

ප්‍රවාහන අමාත්‍යාංශය සමග සාකච්ඡා කළ අවස්ථාවේදී මෙම කොමිස් මුදල 1% ට වඩා අඩු විය යුතු යැයි රජයේ පාර්ශවය දැනුම්දුන් බවට පෙන්වාදුන්  සම්පත් රණසිංහ මහතා පවසන්නේ, මේ වන විට 1.3% සහ 1.8% යන පරාසය තුළ කොමිස් මුදලක් අය කරන බවට ආරංචි වී ඇති බවයි.

මෙම කොමිස් මුදල ඉහළ යාම පිළිබඳව සිය අසතුට ප්‍රකාශ කරමින් ඔහු පළ කළ අදහස් :

“ දිනකට පෞද්ගලික බස් රථවලට ලැබෙන ආදායමෙන්, කෝටි අධික මුදලක් අපිට නොලැබී යනවා.හැබැයි මේ කාඩ්පත්  ක්‍රමය තුළ බස් හිමියාගේ ආදායම සුරක්ෂිතතාවයට පත් වෙනවා. විශේෂයෙන්ම අපි ප්‍රවාහන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරද්දී ඒ ප්‍රවාහන අමාත්‍යාංශය එහෙමත් නැත්නම් රජයේ පාර්ශවය අපිට දැනුම් දුන්නා, මේ සඳහා බැංකුව අය කරන කොමිෂන්එක 1% ට වඩා අඩු විය යුතු කමිශන් එකක් තමයි, රජය අනුමත කරලා තියෙන්නේ කියලා. මේ වන විට අපිට ආරංචි වෙලා තියෙනවා, 1.3% සහ 1.8% යන පරාසය තුළ කමිශන් එකක් අය කරනවා කියන එක.. ඒ සම්බන්ධයෙන් අපේ අසතුටතාවය අපි ප්‍රකාශ කරනවා”

බස් ගාස්තු ලබාදුන් පසු ඉතිරි මුදල් ලබා නොදීම ඇතුළු බස් රථයේ මගී ප්‍රවේශපත්‍රවලින් වංචා දෝෂණ රැසක් සිදුවන බවට පහුගිය කාලසීමාවේදී චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ එයට විසඳුමක් ලෙස බැංකු කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවන ක්‍රමයක් හඳුන්වා දෙන බවයි.

ඒ අනුව රජයේ  ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට සමගාමීව බැංකු කාඩ්පත් මගින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ඊයේ (24) සිට ආරම්භ වුණා.

source – News 19




Leave a Reply

Your email address will not be published. Required fields are marked *