BREAKING NEWS
Search

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

1448

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයක දී සිදු වූ සිදුවීම සම්බන්ධව සිය අවධානය යොමුව ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන බවත්, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Source – Esana News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!