BREAKING NEWS
Search

මැදපෙරදිග යුද්ධයෙන් දරුවන් 1100කට වැඩි පිරිසක් මියගිහින් හෝ තුවාල වෙලා – UNICEF

193

 

අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර තීව්‍රව පවතින මැදපෙරදිග යුද්ධය, කලාපයේ මිලියන සංඛ්‍යාත දරුවන්ට “විනාශකාරී” තත්ත්වයක් නිර්මාණය කර ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පවසයි.

පෙබරවාරි 28 සිට මේ වනවිට දරුවන් 1,100කට වැඩි පිරිසක් මියගිය හෝ තුවාල ලබා ඇති බව UNICEF නිවේදනයෙන් හෙළි කර තිබේ. වාර්තා අනුව, මියගිය දරුවන් අතර ඉරානයේ 200ක්, ලෙබනනයේ 91ක්, ඊශ්‍රායලයේ 4ක් සහ කුවේට් රාජ්‍යයේ 1 දරුවෙක් සිටින බව සඳහන් වේ.

UNICEF අනතුරු අඟවන්නේ, යුද්ධය තව තවත් ප්‍රචණ්ඩ වීමත් සමඟ මෙම සංඛ්‍යාතය ඉහළ යාමට ඉඩ ඇතැයිය. මෙම අර්බුදය හේතුවෙන් මිලියන සංඛ්‍යාත දරුවන් අධ්‍යාපනයෙන් වංචා වී ඇති අතර, නොනවත්වා එල්ලවන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සිටිති.

“ළමයින්ගේ ජීවිත අහිමි කිරීම, ඔවුන් ආබාධිත තත්ත්වයට පත් කිරීම හෝ දරුවන් යැපෙන අත්‍යවශ්‍ය සේවාවන් විනාශ කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකියි” යනුවෙන් UNICEF නිවේදනයේ සඳහන් වේ.

එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ, කලාපයේ වෙසෙන මිලියන 200කට වැඩි දරුවන් වෙනුවෙන් ලෝකය කඩිනමින් ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!