BREAKING NEWS
Search

මන්ත‍්‍රී වරප‍්‍රසාද කිසිවක් කපා නෑ.. සියල්ල එසේමයි..! – පාර්ලිමේන්තු මහ ලේකම් (VIDEO)

197

මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද මෙතෙක් කප්පාදු කර නැති බැවින් ඒ ආකාරයෙන්ම ලබා දෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කරයි.

මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 35ක් ලැබී ඇති බවද ඇය සදහන් කළාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් මන්ත්‍රී ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන බවත් මහ ලේකම්වරිය පැවසුවාය.

108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහාත් වෙන්කර ඇත.පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බවද පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

– Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!