BREAKING NEWS
Search

පරික්‍ෂා නොකර පිටකර රතු ලේබල් බහාලුම් ආණ්ඩුවේ බස්නාහිර ලොක්කෙක්ගේ..? රහස් පොලිසියට පැමිණිල්ලක්…!

28

දැඩි පරීක්ෂාවකට ලක්විය යුතු බවට රේගුව විසින්ම රතු කාණ්ඩයෙන් ලේබල් කරන ලද බහළුම් 323 ක් නිදහස් කිරීම පසුපස බස්නාහිර පළාත් පලාතේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන ප්‍රබල ව්‍යාපාරිකයකු සිටින බවට තොරතුරු වාර්තා වන බව ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු නීතිඥ නිරාශාන් විතානගේ මහතා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

එවන් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවට නිර්දේශ කර ඇති බහලුම් තුල මෙරටට ගෙන්වීම තහනම් කර ඇති තහනම් ද්‍රව්‍ය බොහෝමයක් තිබිය හැකි බවද පැවසු ඔහු ගිනි අවි, මත්ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, තහනම් ඖෂධ වර්ග ඇතුළු බොහෝ දෑ මේ අතර විය හැකි බවටද පෙන්වා දෙයි.

පරීක්ෂාවට ලක් කරන නොකරන ලද බහලුම්වල සියලු වගකීම රජය භාරගන්නා බවට වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය හරහාද මෙම සැකය මතුවන බවත් ඔහු කියා සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *