BREAKING NEWS
Search

AC බෑ.. සංගීතවලට විදුලිය බෑ..! – බලශක්තිය රකින්න තවත් නීති දැඩි කරයි..!

1481

රට තුළ පවතින බලශක්ති අවශ්‍යතාව කළමනාකරණය කරගැනීම වෙනුවෙන් විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාවක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් නිකුත් කර තිබේ.

2026 මාර්තු 30 දිනැතිව නිකුත් කරන ලද මෙම නිවේදනය මගින් සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන වෙත දැඩි උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම නිවේදනය මෙසේය.

සියළුම රාජ්‍ය ආයතන වල සහ ව්‍යවස්ථාපිත ආයතනවල ප.ව. 3.00 ට සියළුම වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීමට කටයුතු කළ යුතුය. පෞද්ගලික අංශයෙන්ද මේ ආකාරයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප.ව. 8.00 න් පසු වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා විවිධ ස්ථානවල සවිකර ඇති විදුලි ආලෝක පුවරු, තිර නිවා දැමිය යුතුය.

පළාත්පාලන ආයතන වලින් පාලනය වන වීදි ලාම්පු ප.ව. 6.00 – 10.00 අතර කාළය තුළදී නිවා දැමීමට සුදුසු විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය.

සියළුම ආකාරයට විශාල පරිමාණයෙන් පවත්වන ( පුද්ගලයන් 100ට වැඩි සහභාගිත්වයෙන්) උත්සව, සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමකින් තොරව පැවැත්වීමට කටයුතු කළ යුතුය.

 

lanka c news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!