BREAKING NEWS
Search

කොළඹ නගර සභා සීමාවේ සියලු සුසාන භූමිවල අද සිට කිසිම ගාස්තුවක් අය කරන්නේ නෑ – කොළඹ පුරපතිනිය

1908

 

කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචිකරුවන්ගෙන් ආදාහන සහ භූමදාන ගාස්තු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මහ නගර සභාව තීරණය කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීමේදී ඒකමතිකව මෙම තීරණයට එළඹියේය.

එම නගර සභාවේ සභිකයන් කළ යෝජනාවකට අනුව නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර එහිදී පැවැති විවාදයෙන් පසුව යෝජනාවට සියලුම මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවිය.

කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචිකරුවන්ට බොරැල්ල, ජාවත්ත, මාදම්පිටිය සහ කිරුළපන යන සුසාන භූමිවල කොළඹ මහ නගර සභාව පාලනය කරන කොටස් සඳහා ආදාහන සහ භූමදාන සඳහා අය කරන ගාස්තු ඒ අනුව සම්පූර්ණයෙන්ම නිදහස් කළේය.

කොළඹ නගර සභා පදිංචිකරුවන්ගෙන් ද එම සුසාන භූමිවලින් රුපියල් 10,000ක මුදලක් මීට පෙර අය කළේය.

Lankadeepa (යොහාන් භාසුර)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!