කේ. සුජීවා.. කාලෙකට පස්සේ ඇය ගැන මේ ඇසෙන්නේ වෙනස් කතාවක්.. දැන් ඇය සුවෙන්ද..?
ගොඩක් දෙනෙක් කතා කරන්නේ අන්න ඒ ගැන නේ.. ඔන්න ඉතින් වසරකට වඩා වැඩි කාලයක් විවේක ගත්ත ඇය දැන් සුව වෙමින් ඉන්නවා… ඒත් තමගේ සුපුරුදු රසිකයින් වෙනුවෙන් ඇය දැන් කලා කටයුතුවලට එක් වෙන්න තීරණය කරලා..
ඇය කලාවට වගේම තවත් ක්ෂේත්‍ර ගණනාවකට කැමැත්තක් දක්වන තැනැත්තියක්..
මේ නිසාම සුජීවා කියන්නේ එක දෙයකට පමණක් සීමා වුණු කාන්තාවක් නෙවෙයි.. කුඩා කාලයේදී අධ්‍යාපනයට ඒ තරම් කැමැත්තක් ඇගේ හිත තුළ නොතිබුණත් පස්සේ පස්සේ ඇය අධ්‍යාපනය තුළ දක්ෂ දරුවෙක් බවට පත් වෙනවා.. ඇය හැදෑරූ එකකට එකක් වෙනස් විශය ඒ ගැන කියන්න හොඳ සාක්ෂියක්..
තරුණ කාලයට එළඹෙන සුජීවාට ඇත්තටම තමන්ගේ ජීවිතය ගැන නිශ්චිත අරමුණක් නොතිබෙන්නේ ඒ ඒ කාලවලදී ඇය මුහුණ දෙන ප්‍රශ්න ගැටලු එක්කමයි.. ඒත් මේ නිසා ජීවිතය ගැන ඇය පාඩම් ගොඩක් ඉගෙන ගන්නවා..
කොහොම වුණත් ජීවිතේ විවිධ කඩාවැටීම් එක්ක සුජීවා අදත් සතුටෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා.. ඒකට ලොකුම හේතුවක් වෙන්නේ ඇගේ ආදරණීය දියණියක් දෙදෙනා කිව්වොත් හරි.. හිරු එෆ් එම් හිතක මතක වැඩසටහනට සම්බන්ධ වුණු මේ ආදරණීය චරිතය ඇය ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..
Source – Hiru Gossip