BREAKING NEWS
Search

ඔස්ට්‍රේලියාවේ සිදුවීමෙන් ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ

229

ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

අද දෙරණ කළ විමසීමක දී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලීම් සිදුකරන බවය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 15දෙනෙකු ජිවීතක්ෂයට පත්විය.

වෙරළ තීරයේ රැදී සිටි පිරිස් ඉලක්ක කරගනිමින් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කළේය.

පුද්ගලයින් 1000ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් සිඩ්නිහි, ප්‍රකට බොන්ඩි වෙරළ තීරයේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් වන ‘හනුක්කා‘ සැමරුම, වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බව ද වාර්තා වේ.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!