BREAKING NEWS
Search

උතුරු කොරියාව නව වසරේ පළමු බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සිදුකරයි

794

උතුරු කොරියාව විසින් නව වසරේ පළමු බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම අද (04) සිදුකර තිබේ.

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාවේ ප්යොංයැං සිට නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බලා ඇති බවය.

මෙම නවතම අත්හදා බැලීම සිදුව ඇත්තේ දකුණු කොරියානු ජනාධිපති ලි ජේ මියුන්ග් චීනයේ සංචාරය කිරීමට පැය කිහිපයකට පෙරය.

අවසන් වරට උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේදීය. ඒ දකුණු කොරියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක් තැනීමේ සැලැස්මට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය දීමෙන් අනතුරුවය.

එමෙන්ම අද දිනයේදී මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත්තේ උතුරු කොරියානු මිත්‍ර පාර්ශ්වයන්ගෙන් එකක් වන වෙනිසියුලාවේ ජනාධිපති එක්සත් ජනපදය අල්ලා ගැනීමෙන් අනතුරුව වීමද විශේෂත්වයකි.

දශක ගණනාවක් පුරාවට උතුරු කොරියාව තර්ක කරනුයේ එක්සත් ජනපදය විසින් සිදු කිරීමට උත්සාහ ගන්නා පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ උත්සාහයන් වැළැක්වීමට න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහනක් අවශ්‍ය බවය.

කෙසේ වෙතත් එවැනි පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ සැලැස්මක් එක්සත් ජනපදයට නොමැති බවටත් අමෙරිකාව සඳහන් කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!