BREAKING NEWS
Search

තිරයේ විතරක් නෙමෙයි. ඔහු සැබෑ ජීවිතයේත් වීරයෙක්. දෙමපියන් අහිමි අසරණ දරුවන් 50 දෙනෙකුට වෛද්‍ය සිහිනය සැබෑ කරදුන් ඉන්දිය නළු සුරියා

270

දෙමව්පියන්ගේ සෙනෙහස අහිමි වූ අසරණ දරුවන්ට තම ජීවිතය ගොඩනගා ගැනීම විශාල අභියෝගයක්. නමුත් ඉන්දියාවේ 🇮🇳 සුපිරි නළු සුරියාගේ මැදිහත්වීමෙන් එවැනි අසරණ දරුවන් පනස් දෙනෙකුගේ වෛද්‍ය සිහිනය මේ වනවිට සැබෑ වී තිබෙනවා.

රංගනයෙන් පමණක් නොව සැබෑ ජීවිතයේදීත් ඔහු උතුම් මනුෂ්‍යයෙකු බව මේ ක්‍රියාවෙන් ඔප්පු කර අවසන්. තමන්ගේ අගරම් පදනම හරහා ඔහු මේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය සියලුම වියදම් දරා තිබුණා.

කිසිදු පිළිසරණක් නොමැතිව සිටි මේ දරුවන් අද වන විට සාඩම්බර වෛද්‍යවරුන් ලෙස සමාජයට සේවය කිරීමට සූදානමින් සිටිනවා. මුදල් සහ ජනප්‍රියත්වය පස්සේ හඹායන තරු අතරේ, තමන්ට ලැබෙන දෙයින් කොටසක් මේ වගේ අගනා සමාජ සත්කාරයක් වෙනුවෙන් යෙදවීම ඇත්තෙන්ම අගය කළ යුතුයි. ආදරය පිරුණු මේ වගේ මිනිස්සු ලෝකෙට තවත් අවශ්‍යයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!