BREAKING NEWS
Search

ඇල්ලේ දී අනතුරට පත් බස්රථයේ හිමිකරු අත්අඩංගුවට

6793

 

ඇල්ල – වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් එම බස්රථයේ හිමිකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පසුගිය 04 වනදා ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි විය.

මෙම අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මියගොස් තිබුණි.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!