BREAKING NEWS
Search

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අවසර

372

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 6දෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය 22 වැනිදා සිය නිල කාමරය තුළ දී වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එම ඝාතනයේ වෙඩික්කරු ඇතුළු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු ඊයේ දිනයේකැකිරාව, මහරගම සහ ගාල්ල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අතර වෙඩික්කරුගේ බිරිඳ, වෙඩි තැබීම සඳහා වෙඩික්කරු සමග පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් තිදෙනෙකු වන බව පොලීසිය පැවසීය.

ඊයේ රාත්‍රී මහරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූවැලිගම සභාපතිවරයා ඝාතනයේ වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයා අගුලුගහ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකු බව පොලිසිය සඳහන් ක‍ළේය

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!