වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් (26) පස්වරුවේ නාවින්නේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු (27) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබාගැනුනේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටතට රැගෙන ආ සැකකරු මේ වනවිට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර, ඊට අදාළ කටයුතු සිදුකරමින් පවතින බව වාර්තා වේ.







