BREAKING NEWS
Search

ශුද්ධෝත්තම පාප් වහන්සේට මෙරට සංචාරයකට එක්වන ලෙස ජනපතිගෙන් ආරාධනයක්..

190

ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල ආරාධනයක් යොමු කර ඇත.

ඉතාලියේ නිල සංචාරයක නිරත වන බිමල් රත්නායක මහතා විසින් එම ආරාධනා පත්‍රය වතිකානයේදී භාර දී තිබේ. එහිදී රාජ්‍යයන් සමඟ සබඳතා පිළිබඳ උප ලේකම්වරයා වන Msgr. Mihăiță Blaj පියතුමා හමුවී ජනාධිපතිවරයාගේ නිල පණිවුඩය ඔහු වෙත භාර දෙන ලදී.

මෙම ආරාධනය ශ්‍රී ලංකාව හා වතිකානය අතර දිගුකාලීන මිතුරත්ව සහ ආගමික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ගන්නා පියවරක් ලෙස දේශපාලන විශ්ලේෂකයන් සැලකේ.

ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකාවට සංචාරයකට පැමිණෙන්නේ නම්, එය මෙරට කතෝලික ජනතාවට විශේෂ අවස්ථාවක් වනු ඇති අතර, ජාතික හා ආගමික සමගියට ද නව පණක් එක් කරනු ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!