BREAKING NEWS
Search

අක්කර 50ක රිලා හිරගෙයක්.. ලංකාවෙම රිලවුන් ඒකට.. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ.?

132

රට පුරා වගාවන් විනාශ කරන රිලා ගැටළුවට විසඳුමක් ලෙස රිලා හිර ගෙදරක් සෑදීමට තමන්ට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

තම අමාත්‍යංශයට පැමිණි දෙදෙනෙකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව හෙතෙම ජන හමුවක් අමතමින් කියා සිටියේය.

“ළඟදි මගේ අමාත්‍යංශෙට ආව වැදගත් මහත්වරු දෙන්නෙක්. ඇවිල්ලා කීවා ඔබතුමන්ලා හොයන ප්‍රශ්නෙට අපි ගාව විසඳුම් තියෙනවා. මම කීවා බොහො සන්තෝෂයි, කියන්නකෝ විසඳුම කියලා.

අක්කර පනහක විතර හොඳ කැලෑ තියෙන තැන් තෝරගන්න කීවා. තෝරගෙන හදන්න කීවා රිලා හිරගෙදරක්. ඒක හරි මැදින් බෙදන්න කීවා අක්කර විසිපහ, විසිපහ. එක කොටුවට ගෑණු සත්තු. අනිකට පිරිමි සත්තු. අවුරුද්දක් හමාරක් යද්දි බෝ වෙන එක අඩුවෙයි කිව්වා. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *