BREAKING NEWS
Search

කතානායකට එරෙහිව විශ්වාස භංග ගෙනාවට වැඩක් නෑ – තුනෙන් දෙකකටත් වැඩි බලයක් තියෙන්නේ අපිට

22

කතානායක අශෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඒ ගැන දෙවතාවක් සිතා බැලිය යුතු යයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වැඩි බලයක් ඇති බවත් එවැන් අවස්ථාවක විපක්‍ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාස බංග යෝජනාවට අත්වන ඉරණම කුමක්දැයි නැවත සලකා බැලිය යුතු බවත් ඒ මහතා කියා සිටී.

කතානායකවරයාට එල්ල වී ඇති චෝදනා ගැන ඔහු විසින් සිදුකරන ප්‍රකාශයත් සමඟ අවධානය යොමු කරන බවද පවසන ඒ මහතා විශ්වාස භංග යෝජනාවක් ගැන කතා කිරීමට උචිත කාලය මෙය නොවන බවත් සදහන් කරයි.

කෙසේ වෙතත් විපක්ෂය ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව සාර්ථකව මුහුණ දෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *