BREAKING NEWS
Search

රයිනා සහ ධවාන්ගේ කෝටි 11.14ක වත්කම් රාජසන්තක කරයි

1119

 

ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන සුරේෂ් රයිනා සහ ශිකර් ධවාන්ගේ රුපියල් කෝටි 11.14ක වත්කම් රාජසන්තක කර තිබේ.

මුදල් වංචා සම්බන්ධයෙන් සොයාබලන එරට විශේෂ ඒකකයක් (Enforcement Directorate) විසින් මෙම පියවර ගෙන ඇත.

අදාළ විමර්ශනයට අනුව රයිනාගේ නමින් ඇති ඉන්දීය රුපියල් කෝටි 6.64 ක් පමණ වටිනා අන්‍යෝන්‍ය අරමුදල් ආයෝජන මෙන්ම ධවාන්ගේ නමින් ඇති රුපියල් කෝටි 4.5ක් වටිනා නිශ්චල දේපළක් මෙලෙස අත්පත් කරගෙ තිබේ.

රයිනා හා ධවාන්ට අමතරව මෙම චෝදනාව සම්බන්ධයෙන් යුව්රාජ් සිං හා රොබින් උතප්පාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

එමෙන්ම ජනප්‍රිය නළු සෝනු සූඩ්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිමී චක්‍රබෝර්ති, බොලිවුඩ් නිළි උර්වෂි රවුටෙලා සහ බෙංගාලි නළු අංකුෂ් හස්රා යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!