හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව අධිකරණයට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (28) පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් ඔහු මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.







