BREAKING NEWS
Search

දවස මතක තියාගෙන පෝලිමේ ඉන්න. ඔත්තේද ? ඉරට්ටේද ? QR කේතයෙන් ඉන්ධන ගහන අලුත් ක්‍රමය ගැන තවත් කතාවක් මෙන්න

328

QR කේතය හඳුන්වා දීමෙන් පසුවත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් පාලනය කිරීම සඳහා අද (19) සිට ඔත්තේ, ඉරට්ටේ ක්‍රමය හඳුන්වාදීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ක්‍රමය යටතේ ඉන්ධන සැපයීම සිදු කෙරෙන්නේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුවයි.

එම අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් මාසයේ ඔත්තේ දිනයන්වලත්, අවසන් අංකය 0 හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් මාසයේ ඉරට්ටේ දිනවලදීත් ඉන්ධන ලබා ගත හැකියි.

මේ අතර ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීමේ පියවරක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබූ පසුබිමක ඊයේ (18) රාත්‍රියේත් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් පැවතුණා.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!