BREAKING NEWS
Search

2028 වන විට සහල් පිටරටින් ගෙන්වීම නවත්වනවා – ලාල්කාන්ත

381

 

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන පරිදි රජය 2028 වන විට සහල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන් නැවැත්වීමට සැලසුම් කර ඇත.

නමුත් “අපි වවලයි – අපි කන්නේ” යන සංකල්පයෙන් බැහැර වීමට දැන් කාලය එළඹ ඇති බවයි අමාත්‍යවරයා ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා – 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වෙමින් සඳහන් කළේය.

“ජලජ සම්පතෙන් සමෘද්ධිමත් හෙටක්” යන තේමාව යටතේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සංවිධානය කළ ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා – 2025″ ප්‍රදර්ශනය මේ දිනවල නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි.

එහි දෙවැනි දිනය ආරම්භ කෙරුණේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන්ය. ඔහු එහිදී මේ බව සඳහන් කළේය.

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!