BREAKING NEWS
Search

රුහුණ කෘෂි පීඨයේ සීනියර් – ජූනියර් ක්‍රිකට් ලකුණු වලට ගහගෙන

550

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සහ දෙවන වසරේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවට එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම සිදුවීමට පාදක වී ඇත්තේ (19) දිනයේ පැවති ක්‍රිකට් තරගයකදී ලකුණු සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකි.

අදාළ මතභේදය ඊයේ දිනයේදී සමථයකට පත්ව තිබුණද, (20) දින පෙරවරුවේ එය නැවත ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. මෙම ගැටුම හේතුවෙන් සිසුන් හය දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ වසර දෙකේ සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් තාවකාලිකව ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Gossip LankA nEWS




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!