BREAKING NEWS
Search

රුමේෂ්, නදීශා නැවතත් අපේ රට ආසියාවේ රන් රිදියෙන් සරසයි

1219

 

 

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේ අද (22) පැවති හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ඔහු මීටර 82.05ක දක්ෂතාවක් දක්වමින් මෙම පදක්කම දිනාගත්තේය.

මෙහි රිදී පදක්කම ජපාන ක්‍රීඩකයෙකුට හිමිවූ අතර, ඔහු මීටර. 78.60ක දක්ෂාතාවක් දැක්වීය.

ලෝකඩ පදක්කම මීටර 77.43ක දක්ෂතාවක් දැක් වූ පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් දිනාගත්තේය.

මේ අතර මෙම තරගයට පෙර පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ සමත්විය.

ඇය මීටර් 57.53ක දක්ෂතාවක් දැක්වීය. එය තරගවාරය තුළ ඇය දැක්වූ ඉහළම දක්ෂතාව මෙය වීම විශේෂත්වයක්.

මේ අතර මෙම ඉසව්වේ රන් පදක්කම මීටර 62.20ක දක්ෂතාවක් දැක්වූ ජපාන ක්‍රීඩිකාව දිනාගත් අතර, ලෝකඩ පදක්කම මීටර් 57.47ක දක්ෂතාවක් දැක්වූ චීන ක්‍රීඩිකාව දිනාගත්තාය.

ada deranA




Leave a Reply

Your email address will not be published. Required fields are marked *