Wed. Apr 30th, 2025

කොවිඩ් වලට භයේ ලෝකයම ගල් ගැහෙද්දි, වෙනදාමෙන් වතිකානුවේදි ලෝකය වෙනුවෙන් යාඥා කල සුදතුම් පියා.

මේ ඡායාරූපය ලබාගන්නේ කොවිඩ් වංගතයට මුළු ලෝකයම බියට පත් වෙලා නිවෙස් වලට වෙලා ඉන්න සමයේ දී. වෙනදා වගේ වතිකානුව පිරෙන්නට සෙනග නෑ. වෙනදා මෙන් වතිකානුව පුරා ඇහෙන යාතිකා හඬ නෑ. සමස්ථ වතිකානුවම නිහඬයි. ලෝකයක් බියෙන් නිහඬයි.

ශුද්ධෝත්තම අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුව නිහඬයි කියලා උන් වහන්සේගේ කාර්යය අමතක කළේ නෑ.

උන්වහන්සේ එළියට ඇවිල්ලා ලෝකයක් වෙනුවෙන් යාඥා කළා. තනිවම එක් හිසක් වත් නොපෙනෙන මානයක වුණත් උන් වහන්සේ ලෝකයක් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කළා.
ලෝකයේම කුණාටු හමාගෙන යද්දී උන් වහන්සේ රූස්ස ගහක් වගේ නොසැලී ලෝකයක් වෙනුවෙන් අධිෂ්ඨාන කළා.

ආගම්, ජාති, පාට බේද නොමැතිව සමස්ථ ලෝකයක් වෙනුවෙන් උන් වහන්සේ හිට ගත්තා.
ඉතිහාසයේ අනෙක් පාප්වරුන් ට වඩා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගත කළේ වෙනස්ම ජීවිතයක්. පාප් වහන්සේට සාම්ප්‍රදායිකව ලැබෙන මාලිගාව පවා ප්‍රතික්ෂේප කරමින් කුඩා නිවසක සරලව වාසය කළා.
වෙස්වලාගෙන ගිහින් යාචකයෝ අතර සැරිසැරුවා. ඔවුන්ට ආහාර පාන ලබා දුන්නා. සාමාන්‍ය කඩ වලට ගියා. පාප් වහන්සේ දකින්න පවා සිහින දකින්න ලොව පුරා කතෝලිකයන් අතරට සරල මනුස්සයෙක් වගේ උන්වහන්සේ ගමන් කළා.

හැම මනුස්සයෙක් වෙනුවෙන්ම හිට ගත්තා. සංක්‍රමණිකයන්ට, සරණාගතයන්ට උන් වහන්සේ අනුකම්පා කළා. ඔවුන් වෙනුවෙන් කතා කළා. අපි අහලා තියෙන ඉතිහාසයේ ඉගෙන ගෙන තියෙන කතෝලික සභාව ශුද්ධෝත්තම අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යටතේ වෙනස් වුණා. සාමාන්‍ය මිනිස්සුන්ගේ දුක දැක්කා.

මේ ඡායාරූපයම උන් වහන්සේගේ අධිෂ්ඨානය, ආදරය ගැන දෙන්නේ පුදුම උදාහරණයක්.
අඬ අඳුරේ හිස් බිමක වැහි වැටෙද්දිත් උන් වහන්සේ ලෝකයක් බේරගන්න යාඥා කළා.
අද ලෝකයක් වෙනස් කරපු පාප් වහන්සේ කෙනෙක් නික්ම ගිහින් කියන ප්‍රවෘත්තිය ලැබෙනවා. බෞද්ධයෙක් විදිහය ඔබ වහන්සේ කරපු කියපු දේවල් ගැන හිතේ තියෙන්නේ අප්‍රමාණ භක්තියක් සහ ගෞරවයක්.

Descanse en paz el Papa ❤️🙏
සටහන: Shaminda Jayarathne

 

By admin

Related Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *