BREAKING NEWS
Search

ඊශ්‍රායල රජයේ ක්‍රියාකලාපයට එරෙහිව එරට වැසියෝ වීදි බසී !

2218

 

 

ඊශ්‍රායල් වැසියන් එරට අගනුවර වන ටෙල් අවිව්හි ඊයේ (28) රාත්‍රියේ යළිත්වරක් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

පලස්තීනට එරෙහි යුද්ධය අවසන් කරන ලෙසත්, හමාස් සංවිධානය භාරයේ සිටින තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගෙන්වා දෙන ලෙස ඊශ්‍රායල රජයට බලකරමින් මෙම විරෝධතා පවත්වා තිබේ.

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ආරම්භ විය.

එදින හමාස් සංවිධානය එල්ලකළ ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1, 200කට අධික පිරිසක් මියගිය අතර, තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගත්තේය.

කෙසේ වෙතත් හමාස් සංවිධානය සමග ඇතිකරගත් ප්‍රාණ ඇපකරු හුවමාරුවකදී ඔවුන්ගෙන් පිරිසක් නිදහස් විය.

ඒ අනුව විරෝධතාකරුවන් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 136 දෙනා නිදහස් කර දෙන ලෙසය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *