BREAKING NEWS
Search

රිලවුන්ට ඉන්දියාවෙන් විසදුමක් ගෙන එමින් හිටපු කථානායක රන්වල කියූ කතාව

198

සමාජයේ ප්‍රතිලාභීන්ට යම් මෙහෙවරක් කළ හැකි වන්නේ බදු මුදල් ගෙවිය යුතු පුද්ගලයන් එය නිසි පරිදි ගෙවුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සඳහන් කරයි.

නමුත් මෙම බදු මුදල් එකතු කරගත නොහැකි බරපතළ ඛේදවාචකයකට රටක් ලෙස පසුගිය කාල සීමාව පුරුදු තුළදී මුහුණදී ඇති බවද හෙතෙම කියා සිටී.

අද වන විට රජයේ භාණ්ඩාගාරය පතුලටම හිඳී ඇති බවත් එවන් තත්ත්වයක් යටතේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සහ දීමනාවන් රජය ලබා දුන්නේ ඉතාම අපහසුවෙන් බවද හෙතෙම පැවසුවේ ගම්පහ ප්‍රදේශයේදී පැවැති ජන හමුවක් අමතමිනි.

තම හිතවත් ව්‍යාපාරිකයෙකු විසින් රිලා ප්‍රශ්නයට විසඳුමක් ඉන්දියාවෙන් ඉගෙනගෙන පැමිණ ඇති බවත් රිලවුන් වන්ධ්‍යකරණයට ලක් කොට ටික කාලයක් ආහාරපාන ලබා දී රැක බලාගෙන මුදා හැරීමට පියවර ගනිමින් ඇති බවද ඔහු තවදුරටත් එහිදී පැවසුවේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!