නෞකා අනතුරෙන් අතුරුදන් වූ පිරිසෙන් 09ක් සොයා ගනී

admin

අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්යමණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 09 දෙනෙකු බේරාගැනීමට හැකිවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එලෙස බේරාගත් පිරිස අතර ඉන්දියානුවන් 08 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙක් වෙයි.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ කාර්යමණ්ඩලයේ ඉතිරි 7 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

අදාළ නෞකාවේ කාර්යමණ්ඩලයේ පුද්ගලයන් 16 දෙනෙකු සිට තිබූ අතර ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බව වාර්තා වුණි.

ඉන්ධන ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වී තිබුණේ ඕමානයේ ඩියුකම් වරාය නගරයට නාවික සැතපුම් 25ක් නිරිත දිගින් වූ අරාබි මුහුදේදීය.

අනතුරෙන් නෞකාවේ සිටි 16 දෙනාම අතුරුදන්වී තිබුණි.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *