BREAKING NEWS
Search

ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට

1252

ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදි පසුගිය සෙනසුරාදා (25) පැවති තෙවන එක්දින තරගයේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඇති වූ ආබාධයකින් ඉන්දීය උපනායක ශ්‍රෙයාස් අයියර් රෝහල්ගත කර තිබේ.

වෛද්‍ය වාර්තාවලට අනුව තහවුරු වී ඇත්තේ ඔහුගේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇති බවය.

ඒ හේතුවෙන් ඔහු මේ වනවිට සිඩ්නි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

වෛද්‍යවරු විසින් අයියර්ගේ රුදිර වහනය නැවැත්වීමට දැඩි උත්සාහයක් දරන බවත්, ඔහුට තවත් දින දෙකක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමට සිදුවනු ඇති බවත් සඳහන්.

තත්ත්වය යහපත් නොවන්නේ නම් ඔහුට තවදුරටත් රැඳී සිටීමට සිදුවන ඇත.

ඔස්ට්‍රේලියානු පිතිකරු ඇලෙක්ස් කේරී දවාගැනීම සඳහා උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී ඔහු මෙම ආබාධයට මුහුණදුන්නේය.

මේ අතර ඉන්දීම මාධ්‍ය වාර්තාකර සිටියේ, අයියර්ගේ පවුලේ සාමාජිකයෙකු හැකි ඉක්මනින් සිඩ්නි නුවරට පැමිණීමට නියමිත බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!