BREAKING NEWS
Search

සිරිකොත නව ගමනකට මුල පුරයි

375

 

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂය මූලස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් පින්කම ඊයේ(24) පැවැත්විණි.

(25) මහා සංඝරත්නය උදෙසා හීල් දානය පිරිනැමීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ ඇතුළු පක්ෂයේ නායකයෝද පාක්ෂිකයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.

එක්සත් ජාතික පක්ෂය ඇතුළු රටට සෙත් පැතීම මෙම පින්කමේ අරමුණ විය. මේ අතර පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය නවීකරණය කිරීමේ ශ්‍රමදානයක්  (24) උදෑසන සිදු කෙරුණු අතර එදින පස්වරුවේ දුන් තෙල් බත් දන්සලක් පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසූයේ සිරිකොත නව කල එළියකින් නව ගමනක් අරඹන බවයි

Lankadeeepa (අංජුල මහික වීරරත්න)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!