කෝට් එකට ගහනවා කියන්නේ නීතියට ගහන එක’’

206

 

 

 

 

 

ලාල් කාන්ත කෝට් එකට ගහනවා කිව්වේ නීතියට ගහනවා කියන එක යැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

සිවුරත් වැඩක් නැතැයි කියන්නේ ආගමට ගහනවා කියන එක බව කී රාජපක්ෂ මහතා ඇඳුම මොකක්ද අදාල නැතැයි කිව්වේ ජාතියටත් ගහනවා කියන එන යැයි පැවැසීය.

“තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන ආකාරයෙන් මේ රටේ සංස්කෘතිය ආගමට දහමට රටේ පවතින නීතියට පටහැනිව උනත් තමන්ගේ ආණ්ඩුව රැක ගන්න ඔවුන් කටයුතු කරනවා කියන කාරණය තමයි ඔය නොකියා කියන්නේ යනුවෙන් ද නාමල් රාජපක්ෂ කීය.

.ඔහු මේ බව ප්‍රකාශ කළේ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

Lankadeepa (අංජුල මහික වීරරත්න)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!