BREAKING NEWS
Search

ලංගම අලුත් වෙයි ! නව කොන්දොස්තරවරියන් සේවයට බඳවා ගනී!

366

 

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය සදහා බදවා ගත් නව කොන්දොස්තරවරියන් 20 දෙනකුට පත්වීම් ප්‍රදානය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී අද පෙරවරුවෙ සිදුකෙරිණ.

පත්වීම් ලද කොන්දොස්තරවරියන් සඳහා නව නිල ඇඳුමක්ද මෙහිදී හදුන්වා දෙනු ලැබීය.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සහ පාර්ලිමේන්තු‍ මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පත්වීම් ලබාදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න මහතා ඇතුළු නිලධාරීහුද නවක කොන්දොස්තරවරියන්ගේ මවුපියන් ඇතුළු සමීපතමයෝ ද සහභාගී වූහ.

Lankadeepa (කේ බුද්ධික කුමාරසිරි)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!