BREAKING NEWS
Search

ඉරාන ඇමෙරිකා සාකච්ඡාවල උපරිම සහාය දෙනවා – තුර්කිය

202

මත ගැටුම් අවසන් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාවත් ඉරානයත් අතරේ ඕමානයේ මස්කට් අගනුවර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනීමට කැප වී සිටින බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි. එම සාකච්ඡා සඳහා මැදහත්කරුවකු ලෙස කටයුතු කරන්නේ තුර්කියයි.

තුර්කියට අමතරව, කුවේට් රාජ්‍යය, කටාර් රාජ්‍යය සහ ඊජිප්තුව ද එම සාකව්ඡා සඳහා සම්බන්ධ වී සිටී. ඇමෙරිකාව සහ ඉරානය අතරේ අර්බුදයක් පවතින්නේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව චෝදනා නගන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. ඉරානයට එරෙහිව ඇමෙරිකාව උසි ගන්වන්නේ යුදෙව් ඊශ්‍රායලයයි.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අවධාරණය කර ඇත්තේ ඉරානයත් ඇමෙරිකාවත් අතර ඇති මත ගැටුම් අවසන් කිරීමටත් සාකච්ඡා කර ගැටුම් අවසන් කිරීමටත් පියවර ගන්නා බවය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!