BREAKING NEWS
Search

විකිණූ භාණ්ඩ නැවත මාරු කරනු නොලැබේ – මුදලාලිගේ “බොරු නීති” වලට තවත් අහුවෙන්න එපා!

421

විකිණූ භාණ්ඩ නැවත මාරු කරනු නොලැබේ – මුදලාලිගේ “බොරු නීති” වලට තවත් අහුවෙන්න එපා!

සපත්තු දෙකක් අරන් දවස් දෙකෙන් අඩිය ගැලවුණාම කඩේට ගියොත් මුදලාලි කියන්නේ “බෝඩ් එකේ ගහලා තියෙනවා දැක්කේ නැද්ද? පාවිච්චි කරපු බඩු මාරු කරන්නේ නෑ” කියලා නේද?
මචං ඒක අමුම අමු බොරුවක්! කඩේ බිත්තියේ ගහලා තියෙන ප්ලාස්ටික් බෝඩ් එකට වඩා ලංකාවේ පාරිභෝගික නීතිය බලවත්💪
* බෝඩ් එක නීතිය නෙවෙයි: “භාණ්ඩ විකිණීමේ ආඥා පනත” අනුව ඕනෑම භාණ්ඩයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. සතියෙන් දෙකෙන් සපත්තුව කැඩෙනවා නම් ඒක නිෂ්පාදන දෝෂයක්. බෝඩ් එකේ මොනවා තිබුණත් ඒක මාරු කරලා දෙන්න කඩේ බැඳී සිටිනවා.
* “ඔයානේ තෝරගත්තේ” කතාව: ඔයා අවශ්‍යතාවය කියලා මුදලාලිගේ අනුදැනුම මත ගන්න දෙයක් ඒ විදිහටම වැඩ කරන්නේ නැත්නම් ඒක ආපසු දෙන්න ඔයාට අයිතිය තියෙනවා.
* No Refund සීල් එක: බිලේ “No Refund” කියලා ගැහුවා කියලා නීතිය වෙනස් වෙන්නේ නෑ. Sale එකකදී ගත්තත්, වොරන්ටි කාඩ් එක නැති වුණත්, බිල්පත (Receipt) තියෙනවා නම් ඔයාගේ අයිතිය ඉල්ලන්න පුළුවන්.
✅මොකක්ද කරන්න ඕනේ?
මුදලාලි එක්ක රණ්ඩු වෙන්න එපා. බිල් එකේයි, දෝෂ සහිත භාණ්ඩයේයි ෆොටෝ එකක් ගන්න. කෙලින්ම 1977 අංකයට කතා කරලා පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. 📞

Lakshan Chathuranga




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!