BREAKING NEWS
Search

කාම්බෝජ – තායිලන්ත දේශසීමා ගැටුම් ගැන ශ්‍රී ලංකාවත් කනස්සල්ලෙන්..!

1520

 

 

පවතින ගැටලුකාරී තත්ත්වය සාමකාමීව විසදාගැනීම සඳහා කඩිනම් රාජ්‍යතාන්ත්‍රක සංවාදයක් සඳහා යොමුවන ලෙස ශ්‍රී ලංකා රජය තායිලන්තයෙන් සහ කාම්බෝජයෙන් ඉල්ලීමක් සිදුකරයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ දෙරට අතර දේශසීමාවේ මෑත කාලීනව උද්ගතවූ සිදුවීම් පිළිබඳව ශ්‍රී ලංකා රජය කනස්සල්ල පළ කරන බවයි.

එම සිදුවීම් හේතුවෙන් ජීවිත හානි, අවතැන්වීම් සහ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථානවලට හානි සිදුවී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අවිහිංසාවාදය, කරුණාව හා සාමකාමී සහජීවනය කේන්ද්‍ර කර ගත් බුදුරජානන් වහන්සේගේ අකාලික ඉගැන්වීම් මගින් මඟපෙන්වනු ලැබූ ජාතියක් ලෙස ශ්‍රී ලංකාව, ගැටලු සාමකාමීව විසදාගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රක සංවාදයක නිරතවන ලෙස දෙරටින්ම ඉල්ලීමක් සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!