BREAKING NEWS
Search

අතිවිශාල පාඩුවක් – කලකිරුණු අර්ච්චුනා දේශපාලනයෙන් සමුගනී..? – VIDEO

140

දේශපාලනයේ වැඩි කාලයක් රැඳී සිටීමට තමා බලාපොරොත්තු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පවසයි.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) පස්වරුවේ අර්ච්චුනා මහතාව අත්අඩංගුවට ගත් අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරියේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමා වෛද්‍යවරයෙකු බවත් අතීතයේ සිට දේශපාලනයට ඇලුම් නොකර බවය.

ජනතාව වෙනුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුවත් තමා අකමැතිම කේෂ්ත්‍රය දේශපාලනය බව ද ඔහු පැවසීය.

“මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ. අවුරුදු 38ක් මම කවදාවත් ඡන්දේ දීලා නෑ. දැන් ඇත්තටම ආවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා වැඩිදුරටක් ඉන්නේ නෑ. දේශපාලනය මම කැමතිම නැති කේෂ්ත්‍රයක්. හැබැයි ඉන්න කාලයක් මම කෙලින් ඉන්නවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *