BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත’ ඝාතනයේ පළමු සැකකරු වන ‘ටැටූ මල්ලි’ ඇප මත නිදහස් …

2410

 

අතුරුගිරියේ පෞද්ගලික ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ පළමු සැකකරු වන ‘ටැටූ මල්ලි’ නමැත්තා ඇප මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණය අද (29) දින නියෝග කළා.

මෙම නියෝගය හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් නිකුත් කර ඇති අතර, එහිදී රුපියල් 150,000ක මුදල් ඇපයක් සහ රුපියල් 250,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර, එම ඝාතන සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනෙකුත් සැකකරුවන් ද අදාළ ඇප කොන්දේසි මතම මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!